fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති දිවයිනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2024 11:00

ජනපති දිවයිනට

ජාත්‍යන්තර සමුළු තුනකට සහභාගිවීම ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික කරුණු කීපයක් මුල්කර ගනිමින් පැවති විදේශ සංචාරය සාර්ථකව නිමවා ජනපති අද දිවයිනට පැමිණියා.

ස්විස්ටර්ලන්තයේදී සහ උගන්ඩාවේ දී මෙම සමුළු පැවැත්වුණා.

දින 12 ක සංචාරය නිමකරමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ.

ස්විස්ටර්ලන්තයේ දී ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ ජනාධිපතිවරයා සිංගප්පුරු සහ ස්විස්ටර්ලන්ත ජනපතිවරුන් ද එහිදී හමුවුණා. ඒ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවරදීයි.

මේ අතර ඉන්දීය කර්මාන්ත සමුහය සහ ලෝක ආර්ථික සමුළුව විසින් ස්විස්ටර්ලන්තයේ දී සංවිධාන කරන ලද වට මේස සාකච්ඡාවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා.

ස්විස්ටර්ලන්ත සංචාරයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ නිල සංචාරයකට එක්වූයේ උගන්ඩා ජනාධිපති යොවේරි මුසේවිනි මහතාගේ ආරාධනයකට අනුවයි.

ඒ නොබැඳී ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සමුළුව සහ ජී 77 හා චීනය තුන්වෙනි දකුණු සමුළුව ඇමතීම සදහායි.

එම සමුළු දෙක ඇමතූ ජනාධිපතිවරයා විදේශ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වූවා.

ඒ අනුව සිය සංචාරය සාර්ථකව නිමකළ ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද පෙරවරු 8.30ටයි කටුණායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2024 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්