ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලා අස්වීමක් පැකිලීමකින් තොරව පිළිගන්නා ලෙසත්, ලංවිමට ගෙවිය යුතු සියලුම මුදල් අයකර ගන්නා ලෙසත් ලංවිම කළමනාකාරීත්වයට උපදෙස් දී ඇති බවට අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ලංවිම ප්‍රතිසංස්කරණ, පිරිවැය අඩු කිරීමේ යාන්ත්‍රණ, ජනන සැලැස්මේ හදුනාගත් බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ගෙවීම් වේදිකාව පුළුල් කිරීම සහ ගෙවීම් එකතු කිරීම් බාහිරින් ලබා ගැනීම සහ ලංවිම සේවාවන්ට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව විනය හා නීතිමය පියවරයන් සම්බන්ධ කටයුතු කඩිනම් කරන ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන්කළේ.
ඔහු මේ බව සඳහන් කළේ, සිට එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්.
ලංකා විදුලිබල මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක ඉල්ලා අස්වීමට එකඟතාවය පලකර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින්, අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එලෙස ඉල්ලා අස්වන පුද්ගලයින් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු සියලුම මුදල් අය කරගන්නා ලෙසටයි.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සේවකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විරෝධය පළ කරමින් මෙම සේවකයන් සිය සේවයෙන් ඉවත් වන බව මීට පෙර ප්‍රකාශ කළා.