fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවුන්දර මුහුදේදී කුඩුත් එක්ක ඇල්ලූ 11ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 12:06

දෙවුන්දර මුහුදේදී කුඩුත් එක්ක ඇල්ලූ 11ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

දෙවුන්දර මුහුදේදී නාවික යාත්‍රා දෙකක සිටියදී  හෙරොයින් කිලෝ ග්‍රෑම් 65කට අධික තොගයක් සමඟ අත්අඩංගුවට ගත් 11 දෙනා  ලබන 26 වනදා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා.

ඒ ඔවුන් ඊයේ රාත්‍රියේ කොටුව  මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත යොමුකළ අවස්ථාවේදීයි.

අදාළ ධීවර යාත්‍රා දෙක ගාල්ල නාවික හමුදා දක්ෂිණ ජැටියේ නතර කර තැබීමට ද නියෝග කෙරුණා.

එහි තිබූ මසුන් අලෙවි කර එම මුදල් නඩුවට බැර කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සැකකරුවන්ගේ දුරකතන දත්ත වාර්තා කැදවන  ලෙස ද නියෝග කෙරුණා.

එක් සැකකරුවෙකු හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණය දැනුම් දුන්නා.

ඔහු පරික්ෂා කර සුදුසු නියෝගයක් අද දින ලබා දෙන බවයි මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්