fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CCTV දර්ශන බලා දඩ කොල නිකුත් කිරීම අද සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 11:29

CCTV දර්ශන බලා දඩ කොල නිකුත් කිරීම අද සිට

රථවාහන වැරදි සිදුකරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හදුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් අද සිට ආරම්භ කෙරෙනවා.

ලබන 31 වනදා දක්වා එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සීසීටීවී කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීම මේ යටතේ සිදුකෙරෙනවා.

කොළඹ නගරයේ පිහිටි පොලීසි මගින් සීසීටීවී කැමරා පද්ධතිය නිරීක්ෂනය කර වැරදි කරන රියදුරන් හදුනා ගැනීමෙන් පසු වාහනයේ අයිතිකරුට දඩපත් යොමු කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්