fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොන් ඩිසැන්ටිස් ඇමරිකා ජනපති සටනින් ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 09:41

රොන් ඩිසැන්ටිස් ඇමරිකා ජනපති සටනින් ඉවත් වෙයි

ඇමරිකා ජනපති සටනින් ඉවත්වීමට ජනපති අපේක්ෂක රොන් ඩිසැන්ටිස් තීරණය කර තිබෙනවා.

ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් 2024 ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු නිව් හැම්ප්ෂයර් හි රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණයට පෙර ඉවත් වීමද විශේෂත්වයක්.

ඩිසැන්ටිස් රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල තරඟකරුවෙකු ලෙස සලකනු ලැබුවා. කෙසේ වෙතත් ඊයේ ඔහු කියා සිටියේ ජයග්‍රහණය සඳහා පැහැදිලි මාවතක් නොමැති බවයි.

මේ අතර ට්‍රම්ප්ගේ පක්ෂයේ ඉතිරිව සිටින අවසන් අභියෝගකාරිය වන නිකී හේලි පැවසුවේ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් පරාජය කළ හැකි එකම අපේක්ෂකයා ඇය බවයි.

නොවැම්බර් මාසයේ මැතිවරණය සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයෙකු තෝරා ගැනීම වෙනුවෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයේ පැවැත්වෙන ප්‍රාථමික මැතිවරණ මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්