දිවයින පුරා යුක්තිය මෙහෙයුම්වලදී සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනාවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වු සැකකරුවන් 676 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.
යුක්තිය මෙහෙයුමෙන් මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 910 දෙනා අතුරින් 17 දෙනෙකු රැදවුම් නියෝග මත රදවාගනිමින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.
අපරාධ අංශ වෙත යොමු කල ලැයිස්තුවට ඇතුළත් සැකකරුවන් 234 දෙනෙකුද ඊයේ අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.
හොරොයින් කිලෝගෑම් 65යි ගෑම් 300ක් අයිස් ගෑම් 136ක් ගංජා කිලෝගෑම් 12යි ගෑම් 600ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇගිලි සටහන් මාධ්‍යෙයන් හදුනාගත් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවෙකු ද අපරාධවලට අවශ්‍ය සිටි සැකකරුවන් 7 දෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි පොලිස් මූලස්ථානය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.