fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 39 කින් ජයගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 05:42

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 39 කින් ජයගනී

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ ප්‍රථම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39කින් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම ජයගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි සිම්බාබ්වේ පිලට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පන්දුවාර 22 කදී ලකුණු 129 ක ඉලක්කය සම්පූර්ණ කිරීමට සිදුවූ අතර සිම්බාබ්වේ ඉනිම ඕවර 21.1 කදී ලකුණු 89 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

මෙහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති පන්දුවාර 4කදී ලකුණු 17කට කඩුලු 4ක් දවාගත්තේය.

ඔහුට අගනා සහායක් ලබාදුන් විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්තේය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 05:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්