විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙරද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැරුණා.
කෙසේ වෙතත් සැකකරු අධිකරණ නියෝග නොතකමින් දිිගින් දිගටම බුදු දහමට අපහාස වන ආකාරයේ ක්‍රියාවල නිරතවෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් යළි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
33 හැවිරිදි සැකකරු අද (21) පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.