fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිරසර ආර්ථිකයක් සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව IMF නියෝජිතයෝ අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 14:13

තිරසර ආර්ථිකයක් සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව IMF නියෝජිතයෝ අවධාරණය කරයි

තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සදහා සිදුකර ඇති ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අවධාරණය කළා.

මෙරට සංචාරයක නිතර වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවුණා.

දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සහ ඒවා සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය එහිදී එම නියෝජිතයින් අගය කළා.

ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම කෙරෙහි අවදානය යොමුකර ඇති බවයි.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ අභියෝගවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් ඇති කිරීමට කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්