ගෙවුණු පැය 24 ට අපරාධකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 10:20

ගෙවුණු පැය 24 ට අපරාධකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට

දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී ගෙවුණු පැය 24 තුළ අපරාධකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 270ක්/ අයිස් ග්‍රෑම් 140ක්/ මත්පෙති 1080ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද පොලිසිය සොයා ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනෙකු පිළිබද රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනවා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 10:20