fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ස්වාධීන බාල දක්ෂ සම්මේලනයේ සභාපති දිවයිනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 21:05

ලෝක ස්වාධීන බාල දක්ෂ සම්මේලනයේ සභාපති දිවයිනට

නව බාල දක්ෂ සංවිධානයක් මෙරට ආරම්භ කිරීම සඳහා ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ලෝක ස්වාධීන බාල දක්ෂ සම්මේලනයේ සභාපතිවරයා දිවයිනට පැමිණියා.

මෙරට බාල දක්ෂ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රවීණයෙකු වන ආචාර්ය චම්පික රෝෂන් ලෝවි මහතා ශ්‍රී ලංකාවේ බාල දක්ෂ සංවිධානයක් ගොඩනගා තිබෙනවා.

මෙරට ස්වාධීනව ක්‍රියාත්මක වන මෙම සංවිධානය ශක්තිමත් කිරීම මේ අනුව සිදුවනවා. එය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකය පුරා ව්‍යාප්ත කිරීම අරමුණයි.

මෙම බාල දක්ෂ ව්‍යාපාරයේ ලෝක නායකයා වන ක්ලවුස් ටිගේඩර් මේ දිනවල දිවයිනට පැමිණ සිටිනවා.

ඔහු මෙරට ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස දීපාල් ගුණවර්ධන මහතා පත්කළා. මෙම නායකයින් අස්ගිරි මල්වතු මහාවිහාරයට ගොස් මහා නායක ස්වාමින් වහන්සේගේ අශිර්වාද ලබා ගත්තා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 21:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්