කළු ජාතිකයෙකුට කුරිරු අන්දමින් පහරදුන් ප්රංශ පොලිස් නිලධාරීන්ට අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා.
වයඹදිග ප්රංශයේ පැරිස් නුවරට තදාසන්න ප්රදේශයකදී කළු ජාතිකයෙකුට බැටන් පොල්ලකින් පහරදීම සම්බන්ධයෙන් ප්රංශ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා.
පහරදීමෙන් කළු ජාතිකයා ආබාධිත තත්ත්වයට පත්ව තිබෙනවා.
එක් පොලිස් නිලධාරියෙකුට මාස 12ක අත්හිටවූ සිරදඬුවමක් හිමි වූ අතර අනෙක් දෙදෙනාට මාස තුනක සිරදඬුවමක් හිමි වුණා.
2017 වසරේ පෙබරවාරි මාසයේදී සෝදිසි කිරීමකදී පොලිස් බැටන් ප්රහාරයකින් බරපතල තුවාල සහිතව තියෝ ලුහාකා ආබාධිත වුණා.
එවකට ඔහු 22 හැවිරිදි වියේ පසුවුණා.