ඉක්වදෝර අපරාධ කල්ලි නායක ඇඩොල්ෆෝ මැසියාස්ගේ පවුල ආජන්ටිනාවෙන් පිටුවහල් කර තිබෙනවා.
ඉක්වදෝරයට අවශ්‍යව සිටින අපරාධ කල්ලි නායකයාගේ බිරිඳ සහ දරුවන් ආර්ජන්ටිනාවේ රැඳී සිටියා.
ඔවුන්ව පිටුවහල් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.
ආර්ජන්ටිනාවේ ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ ඇඩොල්ෆෝ මැකියාස් විලමාර්ගේ පවුලට එරෙහි පියවරෙන් තම රට මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට සතුරු ප්‍රදේශයක් බව පෙන්නුම් කර ඇති බවයි.
ෆිටෝ ලෙස හඳුන්වන කල්ලි නායකයා මේ මස මුලදී ඉක්වදෝර බන්ධනාගාරයකින් පැන යාමෙන් පසු නිදැල්ලේ රැඳී සිටිනවා.
සංවිධානාත්මක අපරාධකරු සෙවීම සඳහා රටපුරා සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුවන බැවින් ඉක්වදෝරයේ හදිසි තත්වයක් ද ක්‍රියාත්මකයි.