fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේ මණ්ඩලයේ නිලධාරීන් සහ ඉරාන නියෝජිතයින් පිරිසක් ඇමති කංචන හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 10:29

තේ මණ්ඩලයේ නිලධාරීන් සහ ඉරාන නියෝජිතයින් පිරිසක් ඇමති කංචන හමුවෙයි

තේ මණ්ඩලයේ නිලධාරීන් සමඟ ඉරාන තානාපති කාර්‍යාලයේ සහ ඉරාන වෙළෙඳ ප්‍රවර්ධන සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අමාත්‍ය කංචන විජේසේකර මහතා හමුවුණා.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදීයි.

2012 වසරේදී ඉරාන ජාතික තෙල් සමාගමෙන් මිලදි ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදල ගෙවාදැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, තේ මණ්ඩල සමඟ 2023 වසරේදී එකඟතාවයකට එළඹුණා.

මෙම එකඟතාවයේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාකල අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාසිකව තේ මණ්ඩලයට සිදුකරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් මෙන්ම තේ අපනයනය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගැණුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්