fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩ තහනම් කළ ලංවිම සේවක සංඛයාව 66 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 10:35

වැඩ තහනම් කළ ලංවිම සේවක සංඛයාව 66 දක්වා ඉහළට

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සහ විදුලිබල මණ්ඩලයට නව සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරන ලෙස මීට දෙසතියකට පෙර මා විසින් විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයෙන් ඉල්ලීමක් කරන ලදි.

විදුලිබල මන්ඩලයේ මූල්‍ය අංශය මා වෙත යොමුකරන ලද තොරතුරු අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය පහසුකම් වල ප්‍රමාණය රුපියල් බිලියන 12ක් පමණ වන අතර ඒ සඳහා වන පොලියෙන් 2/3ක් විදුලිබල මණ්ඩල විසින්ම ගෙවීම සිදු කරයි.

විදුලිබල මණ්ඩලය තම සේවකයන්ගේ ණය පොලී වෙනුවෙන් ගෙවන මුදල් අයවන්නේද මහජනතාවගේ විදුලි බිලෙනි.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් වල පොලී ගෙවාදැමීම සඳහා වන මුදල් මහජනතාවගේ විදුලි බිලෙන් අයකරගැනීම නවතාදමා, ණය හිමියන්ගෙන් ඒවා අයකරගැනීමට ක්‍රමවේදයක් සකස්කරන ලෙස විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයට උපදෙස් ලබාදෙන ලැබුණි.

එමෙන්ම කාර්යක්ෂමතාවය වැඩිකරගනිමින් වියදම් අඩු කිරීම සඳහා බාහිර පාර්ශව වෙත ලබාදීමට හැකි සේවාවන් සම්බන්ධයෙන් ද වාර්තාවක් සපයන ලෙස දන්වන ලැබුවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්