fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයනාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට අවසර

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 15:37

ඩයනාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට අවසර

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබාදුන්නා.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරු ව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්