fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපනයන විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සංවර්ධනයට වැඩපිළිවෙල රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 14:56

අපනයන විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සංවර්ධනයට වැඩපිළිවෙල රැසක්

අපනයන විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සංවර්ධනයට වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මකයි.

මේ යටතේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය උදෙසා වැඩමුළු මාලාවක් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම විසිතුරු මත්ස්‍ය සංගම් එක්ව එය සංවිධාන කරනවා.

පළමු වැඩමුළුව රුහුණ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණා.

ඌව වෙල්ලස්ස,  රජරට සහ වයඹ යන විශ්වවිද්‍යාල වලදී ද මෙම වැඩමුළු පැවැත්වීමට නියමිත තිබෙනවා.

ශ්‍රී ලංකාව විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් වාර්ෂිකව ඉහළ ආදායමක් ලබනවා. සමස්ත නිෂ්පාදයෙන් 70%ක් මිරිදිය මත්ස්‍ය විශේෂවලින් සමන්විතයි.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්