fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකිකයන්ට උපරිම සේවයක් කරන බව ඉන්දීය නව මහ කොමසාරිස්වරයා මහනුවර දී පවසයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 12:56

ශ්‍රී ලාංකිකයන්ට උපරිම සේවයක් කරන බව ඉන්දීය නව මහ කොමසාරිස්වරයා මහනුවර දී පවසයි

ඉන්දු ශ්‍රී ලංකා මිතුදම තව දුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ දියුණුවට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය නව මහකොමසාරිස් සන්තෝෂ් ජා (H.E. Santhosh Jha ) මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය නව මහ කොමසාරිස් ධූරයට පත් සන්තෝෂ් ජා මහතා ඊයේ (18) මහනුවර සංචාරයකට එක්වූ අතර එහිදී මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් හමුවේ ඒ මහතා මේ බව පැවසීය.

අස්ගිරි මහ විහාරයට පැමිණි ඒ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය.

සියවස් ගණනාවක සිට දෙරට අතර පවතින මිතුදම තව දුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බව එහිදී කී මහ කොමසාරිස්වරයා බුද්ධ ධර්මය ඉන්දියාවෙන් මෙරටට හිමිවීමත් සමඟ නොබිදෙන ආගමික හා සංස්කෘතික බැදීමක් පවතින බව ද පැවසීය.

ඉන්දියාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා කරන බව ද ඒ මහතා තවදුරටත් පවසනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්