fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොත්තු එපා – පරාටා දෙන්න – තොපි පිටකම්කාරයෝ වෙන කොහෙන් හරි කඩයක් දාගනියව්- පාදුක්කෙන් ඇහුණු චන්ඩි පාට්

hasiniek
By hasiniek ජනවාරි 19, 2024 10:45

කොත්තු එපා – පරාටා දෙන්න – තොපි පිටකම්කාරයෝ වෙන කොහෙන් හරි කඩයක් දාගනියව්- පාදුක්කෙන් ඇහුණු චන්ඩි පාට්

පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආපනශාලාවකට ඊයේ (18) දින රාත්‍රියේ බීමත්ව පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ආපනශාලාවේ තිබූ භාණ්ඩ කඩා දමා විනාශ කර එහි හිමිකාරිය ඇතුළු පිරිසටද පහරදී පලා ගොස් ඇති බවට පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා

එම පහරදීම සිදුකල පුද්ගලයින් දෙදෙනා දැඩි ලෙස බීමත්ව රාත්‍රි 10 ට පමණ මෙම ආපන ශාලාවට පැමිණ කොත්තු දෙකක් ඇණවුම් කර ඇති අතර එම අවස්ථාවේදී ආපන ශාලාවේ හිමිකාර කාන්තාව කොත්තු දෙක සකස් කරන අතරතුරදී ඇයගේ සැමියා විසින් අමුත්තන් දෙදෙනා වෙත පිඟන් සහ හොදි වර්ග ලබා දී තිබෙනවා.

එක්වරම එම පුද්ගලයින් දෙදෙනා තමන්ට කොත්තු අවශ්‍ය නොමැති බවත් පරාටා අවශ්‍ය බවත් පවසා ඇති අතර හිමිකාර කාන්තාව පවසා ඇත්තේ පරාටා රොටි නොමැති බවත් ඉල්ලුම් කල කොත්තුව සකස් කර තිබෙන බවත්ය.

එම අවස්ථාවේදී අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් ආපන ශා⁣ලාවේ තිබූ භාණ්ඩ පෙරලා දමමින් කඩා බිද දමා “තොපිට මේ ගමේ ඉන්න දෙන්නෙ නෑ .. තොපි පිටකම්කාරයෝ වෙන කොහෙන් හරි කඩයක් දාගනියව්” ලෙස පවසමින් කාන්තාව ඇතුලු පිරිසට පහර දී ඇති බවත් එම පැමිණිල්ලෙහි සඳහන් බව පාදුක්ක පොලිසියේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කල

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර පාදුක්ක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

hasiniek
By hasiniek ජනවාරි 19, 2024 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්