fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා සඳ මෙහෙයුම ගිනිගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 10:05

ඇමෙරිකා සඳ මෙහෙයුම ගිනිගනී

සඳ මතට ගොඩබැස්සවීම සඳහා ඇමෙරිකාව විසින් අභ්‍යකාශ ගත කරන ලද යානය ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පෙරිග්‍රීන් ලැන්ඩර් යානය සඳ මතට ගොඩබැස්සවීම සඳහා අභ්‍යවකාශ ගත කෙරුණේ පසුගිය 8 වනදායි.

එය ෆැසිපික් සාගරයට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වී තිබෙනවා.

යානයේ දෝෂයක් ඊට හේතුවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම යානය යැවීමේ අරමුණ වුයේ මෙම දශකය අවසානයේ ගගනගාමින් සඳ මතට යැවීමට පෙර එහි පරිසරය අධ්‍යයනය කිරීමයි.

ඒ සඳහා උපකරණ 5ක් සඳ මතුපිට පිහිටුවීම නාසා ආයතනයේ අරමුණ වුණා.

පෙරිග්‍රීන් යානය සාර්ථකව සඳ මතට ගොඩබැස්සවීමට හැකිවුයේ නම් එය අඩසියවසකට පසු එසේ කළ පළමු ඇමෙරිකා මෙහෙයුම ද වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්