fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උණුසුම් වූ නාරම්මල සන්සුන් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 09:03

උණුසුම් වූ නාරම්මල සන්සුන් වෙයි

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බව වාර්තා වනවා.

පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හට ගැණුනා.

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීයෙකුගේ ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබුණා.

එම සිද්ධියට විරෝධය පළ කරමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් නාරම්මල පොලිසිය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ රැස්වී කළහාකාරී ලෙස කටයුතු කළා.

ගේට්ටු කඩා බිඳ දමා පොලීසියේ දේපළවලට ද රැස්වු පිරිස් හානි කරන ආකාරයයි දැකගත හැකිවුණේ.

ඔවුන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබුණා.

නාරම්මල නගරය ආසන්නයේදී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර ඇති අතර අණ නොතකා ධාවනය කර ඇති බව පොලීසිය පැවසීය.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසලදී පරීක්ෂාවට ලක්කර තිබේ.

එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුට වෙඩි වැදී ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්