fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ නව පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 06:19

ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ නව පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ නව පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය රටේ පවතින සෙසු නීතීන් සමඟ ගැටෙන තැන් තිබේදැයි පරීක්ෂා කර බලා ඒ පිළිබඳ වාර්තාවක් සිය අමාත්‍යාංශයට භාර දෙන ලෙස අධිකරණ ,බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (18) බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඇමතිවරයා එම උපදෙස් ලබා දුන්නේ මෙම පනත සකස් කිරීම සඳහා නීතිය අංශ නිලධාරීන් සහ අමාත්‍යාංශ නියෝජිතයන් ඇතුළු පිරිස සමඟ අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙරට ආදිවාසී ජනතාවට දීර්ඝ කාලීනව පවතින ගැටලු රැසකට විසඳුම් ලබාදීමේ අරමුණින් නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම අධිකරණ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් මේ වන විටත් ආරම්භ වී ඇති අතර වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් දැනටමත් ඊට අදාළ කෙටුම්පත සකස් කර තිබෙනවා.

උතුරු නැගෙනහිර යුධ සමයේ එම පළාත්වලින් පලා ගිය ආදිවාසී ජනතාවට යළි එම ප්‍රදේශවල සිය සාම්ප්‍රදායික කටයුතු කිරීමට තිබෙන බාධාවන් සම්බන්ධයෙන්ද මෙම අවස්ථාවට සහභාගි වූ නියෝජිතයෙක් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියා.

එය මෙරට ආදිවාසී ජනතාවට පමණක් නොව සිංහල මුස්ලිම් ජනතාවටද පොදු ප්‍රශ්නයක් බැවින් ඊට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව අධිකරණ ඇමතිවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 06:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්