fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තයේ පිපිරීමකින් 23 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 16:07

තායිලන්තයේ පිපිරීමකින් 23 දෙනෙකු ජීවිතක්ෂයට

තායිලන්තයේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක  සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මධ්‍යම තායිලන්තයේ ගිනිකෙළි කම්හලකයි මෙම පිපිරීම සිදුවුණේ.

බැංකොක් අගනුවරට කිලෝමීටර් 120ක් උතුරින් පිහිටි සුපන්බුරි පළාතේ දුෂ්කර ප්‍රදේශයක කම්හල පිහිටා තිබෙනවා.

පිපිරීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

පෙබරවාරි 10 වනදාට යෙදෙන චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් නිපදවූ ගිනිකෙලි මෙහි ගබඩා කර තිබුණා.

මීට පෙර පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේදී ද මෙම කම්හලේදී සිදුවූ අනතුරකින් එක් සේවකයෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී, දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක ඇති වූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගියා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්