fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වැස්ස නිසා අපේ වගාව විනාශ වෙලා – එළවළු ගොවීන්ගෙන් මැසිවිලි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 12:48

අධික වැස්ස නිසා අපේ වගාව විනාශ වෙලා – එළවළු ගොවීන්ගෙන් මැසිවිලි

මාස ගණනක් තිස්සේ පැවති අධික වර්ෂාවත් සමඟ තමන්ගේ එළවළු වගාවන්ගෙන් 70%ක් පමණ විනාශ වු බව බදුල්ලේ ගොවීන් පවසනවා.

ලැබෙන අස්වැන්න අඩුවීම වෙළඳපොළේ එළවළු මිල අධික ලෙස ඉහළයාමට හේතුවී ඇති බවයි ගොවීන් වැඩිදුරටත් පවසන්නේ.

වෙළද පොළ තුළ එළවළු මිල වර්තමානයේ දැඩිලෙස ඉහළ යාමක් තමන් අපේක්ෂා නොකළ බවයි ගොවීන් සඳහන් කරන්නේ.

වගාවන් විනාශයට ලක්වීම මීට ප්‍රධානතම හේතුවක් වී තිබෙනවා.

එළවළු මිල මේතරම් ඉහළ ගියත් තමන්ට වගාවන් සදහා ගිය වියදමවත් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ගොවීන් කියා සිටින්නේ.

මෙම තත්ත්වය පාලනය කිරීමට රජය ද මැදිහත් වීම ගොවීන්ගේ අපේක්ෂාවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්