fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ ගණනාවක වී වගාවේ කොළ හකුළුවන දළඹු වසංගතය පැතිරෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 10:30

ප්‍රදේශ ගණනාවක වී වගාවේ කොළ හකුළුවන දළඹු වසංගතය පැතිරෙයි

මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවලවලින් නාඳුනන දළඹු විශේෂයක් වී වගාව ආශ්‍රිතව පවතින බවට ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

නමුත් මෙම දළඹු විශේෂය හඳුනා නොගත් දළඹු විශේෂයක් නොව වී වගාව ආශ්‍රිතව සාමාන්‍යයෙන් පවතින කොළ හකුළුවන දළඹු රෝගය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

මෙම රෝගය පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ ආයතනය විසින් නිලධාරීන් පිරිසක් යොදවා එම දළඹු රෝගය වාර්තා වන ප්‍රදේශවල මූලික අධ්‍යයනයක් සිදු කළ අතර, දිවයිනේ ප්‍රදේශ ගණනාවක එසේ පැතිරෙමින් තිබෙන්නේ කොළ හකුළුවන දළඹු වසංගතය බව එම නිලධාරීහු අනාවරණය කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වී වගාව ආශ්‍රිතව වාර්තා වන මෙම රෝග තත්ත්වය පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

බතලගොඩ වී පර්යේෂණ ආයතනය සඳහන් කරන ආකාරයටම විශේෂයෙන් මෙම රෝග තත්ත්වය අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ මහවැලි ප්‍රදේශ ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල ඇති කුඹුරුවල පවතින බවට වාර්තා වේ.

මෙම රෝගයෙන් වගාවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර,  අද (18) දින ගල්ගමුව ප්‍රදේශයෙන් එම කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම දළඹු විශේෂය අලුත් විශේෂයක් නොවන අතර, පවතින කාලගුණික හා දේශගුණික වෙනස්කම් නිසා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි කොළ හකුළුවන දළඹු විශේෂ වේ.

රෝග තත්ත්වය බරපතලව පවතින්නේ නම් සාමාන්‍ය පළිබෝධ පාලන ක්‍රමවලින් පාලනය කළ නොහැකි අතර, ඒ සඳහා පළිබෝධනාශක භාවිත කිරීමට සිදු වේ.

එමඟින් කොළ හකුළුවන දළඹු රෝගය පාලනය කිරීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

මේ සඳහා පහත සඳහන් පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙනවා.

Flubendiamide 24%WG – belt 240WG

Flubendiamide20%(w/w)  WG – Takumi flubendiamide

Chlorantraniliprole 20% + thiamethoxam 20% WG – virtako

Tebufenozide 200g/l SC – mimic

Chlorantraniliprole 200g/1 sc – Coragen

Spinetoram 25% (w/w) WG- Radiant

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්