fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැට්ටාගේ වෙඩි තැබීමට භාවිතා කල යතුරු පැදියට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 10:39

පැට්ටාගේ වෙඩි තැබීමට භාවිතා කල යතුරු පැදියට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට

කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කල යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල හිමිකරු සහ එම යතුරු පැදිය උකසට ගෙන භාවිතා කරන ලද පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී 2024.01.10 වන දින නවගමුව පොලිස් වසමේ අංක 55/54/01, ගලබඩවත්ත, කොරතොට, කඩුවෙල යන ලිපිනයේ පදිංචි පීරිස් විතානගේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා යන පුද්ගලයා පැහැරගෙන ගොස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගන්නා ලද යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල විස්තර වාර්ථාවට අනුව එම අංකයට අදාල හිමිකරු සහ එම යතුරු පැදිය උකසට ගෙන භාවිතා කරන ලද දෙවොලපොළ සහ කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් සහ 45 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්