නුවරඑළිය නගර සභා සිමාවට (18) අද අළුයම මල්තුහින පතිත වීම නිසා නුවරඑළිය ප්රදේශය පුරා අධික සීතල කාලගුණ තත්ත්වයක් පවතින බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය පවසනවා.
නුවරඑලිය තුරග තරග පිටිය , ගොල්ෆ් ක්රිඩාංගණය ඇතුළු ප්රදේශ රැසකටම මල්තුහීන පතිත වී තිබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.
එලවළු වගාවට සහ තේ වගාවට මල්තුහින පතිත විම නිසා වගාවට යම් බලපැමක් සිදු වන බවත්, තේ වගාවට මල්තුහින පතිත වීම නිසා තේ ගස් පිලිස්සි යන බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.
සෑම වසරකම ජනවාරි මාසය තුළ නුවරඑළිය දිස්ත්රික්කයේ බටහිර බැවුම් ප්රදේශවල සහ ශ්රි පාදස්ථානයේ දැඩි සීතල කාලගුණ තත්ත්වයක් පවතිනවා.