fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාර්තා අතරට එක්වූ එක්සත් රාජධානියේ ශීත රාත්‍රිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 16:24

වාර්තා අතරට එක්වූ එක්සත් රාජධානියේ ශීත රාත්‍රිය

වසර 14කට පසු එක්සත් රාජධානියේ උෂ්ණත්වය අඩුම රාත්‍රිය ලෙස ඊයේ රාත්‍රිය වාර්තා අතරට එක්වනවා.

ඊයේ රාත්‍රීයේ දී ස්කොට්ලන්තයේ ඇතැම් ප්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 15ක් තරම් පහළ අගයක් ගෙන තිබුණා.

අධික ශිත කාලගුණය හා හිම පතනය හේතුවෙන් ස්කොට්ලන්තයේ මෙන්ම උතුරු එංගලන්තයේ පාසල් වසා දමා ඇති අතර ප්‍රවාහන කටයුතු ද අඩපනව ඇති බව සදහන්.

එක්සත් රාජධානියට අයත් රටවල් 4ටම මේ වන විට හිම පතනය සම්බන්ධයෙන් අනතුරු නිවේදන නිකුත් කිරීමටයි කාලගුණ අංශ පියවර ගෙන ඇත්තේ.

ඉදිරි දින කිහිපය තුළ දී තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්