fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතියෝපියාවේ සමූහ විවාහ උත්සවය

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 15:57

ඉතියෝපියාවේ සමූහ විවාහ උත්සවය

ඉතියෝපියාවේ පැවති සමුහ විවාහ උත්සවයක දී සිය ගණනක පිරිසක් යුග දිවියට එළඹ තිබෙනවා.

පසුගිය දා ඉතියෝපියාවේ දී පැවති සාම්ප්‍රධායික සමුහ විවාහ උත්සවය සදහා යුවළ සිය ගණනක් සහභාගී වු බවයි සංවිධායකයින් පවසන්නේ.

දශකයකට පමණ පසු ඉතියෝපියාවේ පැවති පළමු සමුහ විවාහ උත්සවය ලෙස ද මෙය සැලකෙනවා.

මෙම සමුහ විවාහ උත්සවයේ දී විවාහ වීමට පැමිණි පිරිස් සාම්ප්‍රධායික ඉතියෝපියා සුදු ඇදුමින් සැරසී සිටි අතර සාම්ප්‍රධායික නර්තනයන් හා ගායනයන් සිදුකරන ආකාරය මාධ්‍ය වාර්තා කළා.

ඉතියෝපියාවේ සෑම පළාතකින්ම මෙම සමුහ විවාහ උත්සවයට පිරිස් පැමිණීම හේතුවෙන් ඔවුන් එකිනෙකාට ආවේණික සාම්ප්‍රධායික ලක්ෂණයන් දක්නට ලැබීම විශේෂත්වයක්.

කෙසේ වුවද මෙම සමුහ විවාහ උත්සවයේ දී කෙතරම් පිරිසක් යුග දිවියට පිවිසියේ ද යන්න සම්බන්ධයෙන් නිල වශයෙන් අනාවරණය කර නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්