fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිට්‍රෝ ගෑස් සමාගම විකුණනවාද?

hasiniek
By hasiniek ජනවාරි 17, 2024 15:48

ලිට්‍රෝ ගෑස් සමාගම විකුණනවාද?

රජය විසින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ සදහා උනන්දුවක් දක්වන පිරිස් වලට ශ්‍රී ලංකා රජය ආරාධනා කර සිටියි.

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට අනුව, මෙම ක්‍රියාවලිය 2024 ජනවාරි 16 සහ 2024 ජූලි මුල අතර සිදු වීමට නියමිතයි.

ලංසු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 පෙබරවාරි 16 වන දින පස්වරු 02.00 වන අතර කෙටි ලැයිස්තුගත ලංසුකරුවන් තෝරා ගැනීම මාර්තු මස මුලදී සිදු කෙරෙන බව රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරිමේ ඒකකය ප්‍රකාශ කළා

ඒ අනුව ලංසු ඇගයීම සහ සාර්ථක ලංසුකරුවෙකු තෝරා ගැනීම 2024 ජුනි මැද භාගයේදී සැලසුම් කර තිබෙනවා..

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි සියයට 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ සියයට 100% ක කොටස් හිමිකාරීත්වය රජය සතුව පවතිනවා

hasiniek
By hasiniek ජනවාරි 17, 2024 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්