fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයගේ නිල කාමරයෙන් හමුවූ මුදල් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග නොගැනීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 15:19

ගෝඨාභයගේ නිල කාමරයෙන් හමුවූ මුදල් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග නොගැනීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබි හමුවු මුදල් වලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඊට අදාළ විමර්ෂණ අවසන් කළ බවයි එම කොමිසම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ තවදුරටත් දැනුම් දුන්නේ.

 

2022 වසරේ ජුලි 9 වනදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට ඇතුලු වු අවස්ථාවේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබි රුපියල් එක්කෝටි හැත්තෑඅටලක්ෂ පනස්දහසක මුදලක් හමුවී තිබුණා.

ඒ පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ විමර්ෂණයට අවශ්‍ය මූලිකාංග පැමිණිල්ලේ අන්තර්ගතව නැති බවයි.

පැමිණිල්ලට අදාළව වත්කම් විමර්ෂණ සිදුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ද එම කොමිසම සදහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළව සිදුකෙරුණු විමර්ෂණ ද අවසන් කළ බව ද අධිකරණට දැනුම් දෙනු ලැබුවා.

ඒ සිද්ධිය පිළිබද විමර්ෂණ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තර්ජනය කළ බවට වු චෝදනාව සම්බන්ධවයි.

තෙන්නකෝන් මහතා එවැනි තර්ජනයක් කර නැති බවට හෙළි වී ඇතැයි වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු සැකකරුවන් අධිකරණ හමුවේ පෙනී සිටියා.

විමර්ෂණවල වැඩිදුර වාර්තා මාර්තු 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්