fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් නිවාඩුව දිගු කරයි

hasiniek
By hasiniek ජනවාරි 17, 2024 14:53

පාසල් නිවාඩුව දිගු කරයි

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය එළඹෙන 01වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙන් 2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර එළඹෙන 05වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා

මීට පෙර 2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 01වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණා

කෙසේ වෙතත් උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් නැවත පැවැත්වීමට තීරණය කළා

ඒ අනුව කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එළඹෙන 01 වැනිදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වෙනවා..

hasiniek
By hasiniek ජනවාරි 17, 2024 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්