fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊජිප්තුවේ අරාබි ජනරජයේ තානාපති සහ ඇමති සුසිල් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 06:30

ඊජිප්තුවේ අරාබි ජනරජයේ තානාපති සහ ඇමති සුසිල් අතර හමුවක්

ඊජිප්තුවේ අරාබි ජනරජයේ තානාපති මේජ්ඩ් මොස්ලෙ (Maged Mosleh) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ පැවැත්වුණා.

මෙහිදී 42 වැනි යුනෙස්කෝ සමුළුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ‍ප්‍රේමජයන්ත මහතා තේරී පත්වීම සම්බන්ධව සිය සුබපැතුම් එක් කළ මේජ්ඩ් මහතා, ඉදිරියේ දී යුනෙස්කෝ සංවිධානය හා සම්බන්ධව සිදුකරන කාර්යයන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්‍ලා සිටියා.

අරාබි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් පුහුණු කිරීමටත්, විශේෂයෙන් ම අරාබි රටවල විදේශ රැකියා සඳහා යොමුවන මෙරට තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු ආයතන සමඟ එක්ව අරාබි භාෂාව හා සංස්කෘතිය සම්බන්ධ පුහුණු පාඨමාලා සැලසුම් කිරීමටත් සහයෝගය ලබාදිය හැකි බව තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 06:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්