fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය මෙවරත් මෙසීට

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 19:15

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය මෙවරත් මෙසීට

2023 වසර සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ලියොනෙල් මෙසීව තෝරාගෙන තිබෙනවා.

මීට පෙර 2019 සහ 2022 වසරවලදී ඔහු එය දිනාගෙන තිබුණු අතර ඒ අනුව ඔහු මෙම සම්මානය දිනාගන්නේ තුන් වන වරටයි.

FIFA පාපන්දු සම්මාන 2023 උත්සවය එංගලන්තයේ ලන්ඩන් නුවර ඊයේ (15) පැවති, අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු රැසක් ඇගයීමට ලක් කෙරුණා

ජයග්‍රාහකයින්

හොඳම FIFA කාන්තා ක්‍රීඩිකාව: අයිටානා බොන්මටි

හොඳම FIFA පිරිමි ක්‍රීඩකයා: ලියොනෙල් මෙසී

හොඳම FIFA කාන්තා ගෝල රකින්නා: මේරි අර්ප්ස්

හොඳම FIFA පිරිමි ගෝල රකින්නා: එඩර්සන්

හොඳම FIFA කාන්තා පුහුණුකරු: සරීනා වීග්මාන්

හොඳම FIFA පිරිමි පුහුණුකරු: පෙප් ග්වාඩියෝලා

FIFA Puskás සම්මානය: Guilherme Madruga

FIFA විශේෂ සම්මානය: මාර්ටා

FIFA ජීව ගුණය සුරැකි සම්මානය: බ්‍රසීල පිරිමි ජාතික කණ්ඩායම

FIFA ප්‍රේක්ෂක සම්මානය: හියුගෝ ඩැනියෙල් “ටෝටෝ” ඉනියේ

 

 

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 19:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්