fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති අතර හමුවක්

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 17:32

ජනපති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති අතර හමුවක්

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති, The Climate Reality Project හි නිර්මාර්තෘ සහ සභාපති ඇල් ගෝර් ( Al Gore) මහතා අතර හමුවක් පැවැත්වී තිබෙනවා.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති හිමාලි අරුණතිලක යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක් වුණා .

මේ අතර ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙන්සීස් (Menzies) ගුවන් සේවයේ සභාපති හසන් එල්-හූරී (Hassan El-Houry ) මහතා අතර හමුවක් පැවැත්වුණා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි වුණා

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්