fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලලිත් අනුරුද්ධට ඇප

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 16:24

ලලිත් අනුරුද්ධට ඇප

සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය ඇප ලබා දුන්නා.

2015 ජනාධිපතිවරණයට අදාළ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩම්ගොඩ යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු බවට විශ්වාස කිරීමට කරුණු තිබියදී නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම හෙළිදරව් නොවන අයුරින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලපෑම් කළ බවටයි ලලිත් අනුරුද්ධ මහතාට චෝදනා එල්ලවී තිබුණේ.

කහවත්ත පොලිස් ස්ථානාධිපතිට හා අදාළ නිලධාරීන්ට බලපෑම් කිරීම හේතුවෙන් ඔහුට පසුගිය වසරේ සැප්තැම්බර් 25 වනදා සුළු දඩුවම් සහිත වසර 5 ක සිර දඩුවමක් නියම කළා.

එම දඩුවම් විදිමින් සිටින අතරතුර ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට මෙසේ රත්නපුර මහාධිකරණය මගින් ඇප ලබා දුන්නේ.

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්