fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දීලිර ආසාදන මරණ දෙගුණයකින් ඉහළට

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 15:15

දීලිර ආසාදන මරණ දෙගුණයකින් ඉහළට

ලොවපුරා සිදුවන දීලිර ආසාදන මරණ පසුගිය දශකය තුළ දී දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

දශකයකට පමණ පෙර දීලිර ආසාදනය හේතුවෙන් වාර්ෂිකව මරණ මිලියන දෙකක් පමණ වාර්තා වු අතර එම සංඛ්‍යාව මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.

වාර්තා වන්නේ එම මරණ සංඛ්‍යාව මිලියන 33යි දශම 8ක් වන බව ද සඳහන්.

එය ගෝලීය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 6.8%ක පමණ ප්‍රතිශතයක් ගනු ලබනවා.

මරණ සංඛ්‍යා ලේඛන සංසන්දනාත්මක විශ්ලේෂණයක දී දීලිර ආසාදන මරණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

දීලිර හදුනා ගැනීම සදහා සිදුකෙරෙන පරීක්ෂණයන් නොමැති වීම / නිසි කාලය තුළ දී පරීක්ෂණ සිදු නොකිරීම හා රෝග විනිශ්චයන් හි පවත්නා ගැටලු හේතුවෙන් මෙලෙස දීලිර ආසාදන මරණ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

 

 

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්