fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නව නීති සම්පාදනය ගැන අවදානය

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 13:06

බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නව නීති සම්පාදනය ගැන අවදානය

බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

පවිටු පාර්ශවවලින් එල්ලවන බලපෑම් හමුවේ බුදු දහම සුරක්ෂිත කර ගැනීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් ද තමන් දැනුවත් කළ බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත් අග්‍රාමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැදැ දැක මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා

ධර්මයට හානි කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සිය මුදල් විවිධ අකටයුතුකම් සඳහා යොදවන ආකාරය හෙළි දරව් වී ඇතැයි එහිදී කී අග්‍රමාත්‍යවරයා, එවැනි සිද්ධි සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු කොට ඇතැයි කියා සිටියා

සම්බුද්ධ ශාසනය, ආගමික කටයුතු හා ඒවැනි විශේෂ ක්ෂේත්‍රයන්ට සිදුකරන හානි සම්බන්ධයෙන් විමර්ශන කොට එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව යි ඒ මහතා අවධාරණය
කලේ

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්