fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූදින ගොයමට විනකරන පණුවෙක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 12:53

පූදින ගොයමට විනකරන පණුවෙක්

වී වගාවේ පැතිර යන හඳුනානොගත් පණු විශේෂයක් හේතුවෙන් පූදින වගාබිම් රැසක් විනාශ වීමේ තර්ජනයක් මතුව තිබෙනවා.

අනුරාධපුර,  මාතලේ සහ පොලොන්නරු දිස්ත්‍රික්වල මෙම අවදානම වැඩි වශයෙන් පවතින බවටයි ගොවි ජනතාව පවසන්නේ.

සේනා දළඹුවාට සමාන හැඩයකින් යුතු මෙම පණු විශේෂය ඉතා සීඝ්‍රයෙන් පූදින ගොයම් කරල් විනාශ කරන බවට හදුනාගෙන තිබෙනවා.

පත්‍ර හකුලා ගනිමින් සැගව සිටින මෙම පණුවා ගොයම් ගසේ ගොබය විනාශ කරමින් ගොයම් ගසේ සම්පුර්ණ යුෂය උරා බී විනාශ කරන බවටයි ගොවීන් පෙන්වා දෙන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව,  ගල්කිරියාගම,  බුල්නෑව,  තලාව ආදී ප්‍රදේශවලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හබරන,  කිරිවඩුන්න,  මහසෙන්ගම,  හිකුරක්ගොඩ යන ප්‍රදේශවල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල,  සිගිරිය,  නාවුල ප්‍රදේශවල විශාල වශයෙන් මේ වන විටත් මෙම පණුවා වගාබිම් හානිකර තිබෙනවා.

වෙළදසැල් වල ඇති කෘමිනාශක වර්ග කුඹුරුවලට යෙදුව ද දිනෙන් දිනම මෙම පණු ග්‍රහනය ඉහළ යාම හේතුවෙන් ගොයම් ගස් සුදු පැහැ වී සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති ආකාරය දැකගත හැකියි.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කඩිනමින් අවධානය යොමු නොකළහොත් විශාල හානියක් සිදුවන බවටයි ගොවිජනතාව පෙන්වා දෙන්නේ.

ආර්ථික අතින් පහළ වැටී අවස්ථාවක මෙවැනි උවදුරු හේතුවෙන් තවදුරටත් අසරණ වීම වැළැක්වීම වෙනුවෙන් පියවර ගන්නා ලෙස ගොවිජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්