fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 11:04

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 13කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය පුන්ගුඩුතිව් දූපතේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (15) දහවල් කාලයේ යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ ළදු කැළැවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දහතුනකට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්