fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි අරාබියේ එක්තැන්ව සිටි රසින්ත ලියනගේ දිවයිනට රැගෙන එයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 11:42

සෞදි අරාබියේ එක්තැන්ව සිටි රසින්ත ලියනගේ දිවයිනට රැගෙන එයි

සෞදි අරාබියේ රැකියවකට ගොස් තට්ටු ගොඩනැගිල්ලකින් වැටී ඉනෙන් පහළ අප්‍රාණික වූ රසින්ත ලියනගේ මහතා කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට ළගාවුණා.

විශේෂ ගිලන්රථයකින් ඔහු මීගමුව මහරෝහල වෙත රැගෙන යාමටයි පියවර ගැනුණේ.

නිට්ටඹුව පස්යාල පදිංචි 38 හැවිරිදි රසින්ත ලියනගේ මහතා කාර්මික රැකියාවක් සදහා සෞදි අරාබිය බලා පිටත්ව ගියේ පසුගිය වසරේ මාර්තු 12වනදායි.

සැප්තැම්බර් මස 28වනදා ඔහු සේවය කළ ආයතනය පිහිටි තට්ටු ගොඩනැගිල්ලේ වහළය මත වතුර ටැංකියක් තැබීමට යාමේදී ඉන් ඇදවැටී ඔහු අනතුරට ලක්වුණා.

ශ්‍රී ලංකා ගුවන්සේවයේ යූ එල් 266 දරන යානයෙන් සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන්තොටුපොලවෙත රසින්ත මහතා රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර ඔහුගේ බිරිද,  බාල දියණිය ඇතුළු පිරිසක් ගුවන්තොටුපොල වෙත පැමිණ සිටියා.

රසින්ත මහතා මීගමුව මහරෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණු අතර ඔහු සේවය කළ සමාගමනේ වන්දි මුදලක් ලබා ගැනීමට කටයුතු කරන යොදා දෙන ලෙසයි ඒ මහතා වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්