fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂකයා තේරීමේ මත විමසුම ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 09:38

අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂකයා තේරීමේ මත විමසුම ඇරඹේ

2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා තෝරා ගැනීමට අයෝවා ප්‍රාන්තයේ පැවති මනාප විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවන බව සීබීඑස් පුවත් සේවය පවසනවා.

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා රිපබ්ලිකන් තම අපේක්ෂකයා තෝරා ගැනීමට අවස්ථාව හිමිවූ පළමු ප්‍රාන්තය ලෙස අයෝවා ප්‍රාන්තය නම් කළ හැකියි.

අයෝවා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ විසිතුනක් පමණ පහළ අගයක් ගෙන තිබුණද ඡන්ද දායකයින් තම මනාපය උනන්දුවෙන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයේ අයෝවා ප්‍රාන්තයේ දෙවන ස්ථානය සදහා නිකී හේලි හා රොන් ඩිසැන්ටිස් කරට කර තරගයක පසුවන බවයි වාර්තා වන්නේ.

අයෝවා ප්‍රාන්තයේ ජයග්‍රහණය කරන පුද්ගලයා ලබන වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව තරග වදිනු ඇති.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්