fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 07:58

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක

වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනය නිරත වෙනවා.

ඒ අනුව අද උදෑසන 06.30 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද උදෑසන 11ට කැඳවා ඇතැයි සෞඛ්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට දැනුම් දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 07:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්