fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාවුරු රාජ්‍යය තායිවානය සමග සබඳතා අත්හරී

hasiniek
By hasiniek ජනවාරි 15, 2024 15:51

නාවුරු රාජ්‍යය තායිවානය සමග සබඳතා අත්හරී

නාවුරු රාජ්‍යය තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර තිබෙනවා.

තායිවාන ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසු මෙය සිදු වීම විශේෂත්වයක්.

චීනයට සහාය පළ කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා. නාවුරු රාජ්‍යය පවසන්නේ තායිවානය වෙනම රටක් ලෙස පිළිනොගන්නා අතර එය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් ලෙස පිළිගන්නා බවයි.

නාවුරු රාජ්‍යය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ ගෝතමාලාව, තායිපේ, පැරගුවේ හා මාෂල් දූපත් ඇතුළු රටවල් 12ක් සමඟ පමණයි.

මීට පෙර 2002 වසරේද නාවුරු රාජ්‍යය තායිවානය සමඟ සබඳතා අත්හැරි අතර පසුව 2005දී යළි මිතුරු වුණා

hasiniek
By hasiniek ජනවාරි 15, 2024 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්