මැලේසියාවේ පැවති ලෝකයේ හොඳම නිරූපන ශිල්පීන් තෝරන තරගාවලියේ දී ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියාට හිමි සම්මානය ඇතුළු තවත් ජයග්රහණයන් රාශියක් දිනා ගැනීමට ශ්රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්රී ලංකා නිරූපණ ශිල්පීන්ගේ කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඔවුන් අද (15 ද) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා
ලෝකයේ හොදම නිරූපන ශිල්පීන් තෝරන මෙම තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ඉකුත් 01/10 දින සිට 01/14 දින දක්වා රටවල් 25 නිරූපන ශිල්පීන් 72 කුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.
එහිදී වයස අවුරුදු 18 – 21 ත් අතර( MR: Teen ) යෞවන අංශයෙන් ඉදිරිපත් වූ 19 හැවිරිදි රසල් කෙනත් පෙරේරා ලෝකයේ හොඳම යොවුන් නිරූපන ශිල්පියා ලෙස ජයග්රහණය හිමි කර ගැනීමට සමත් වී තිබුනෑ
ඔහු මීගමුව , වැලිහේන ප්රදේශයේ පදිංචිකරුවෙක් . වසර 10 කට පසුව යළිත් වරක් ශ්රී ලංකාවට හොඳම නිරූපණශිල්පියා සම්මානය දිනා ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයක්.
එසේම මෙම තරගාවලියේ දී කාන්තා අංශය නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්රී ලංකාවේ 24 හැවිරිදි මෙලෝනි දසනායක තුන් වන ස්ථානය දිනා ගෙන තිබෙනවා.
ඇය කොළඹ , වැල්ලවත්ත ප්රදේශයේ පදිංචිකාරිනියක්.
කාන්තා යෞවන අංශයෙන් ( Miss Teen ) ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 20 හැවිරිදි නිලක්ෂි බණ්ඩාර එහිදී සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මීට අමතරව ” හොදම සමාජ ක්රියාකාරිනී ” සම්මානය ද දිනා ගැනීමට සමත් වී සිටියා.
මෙම තරගාවලියේ පිරිමි ( MR ) අංශය නියෝජනය කරමින් සහභාගී වූ 28 හැවිරිදි නවීන් ගුණසේකර ” හොඳම බලාපොරොත්තු තබා ගැනීමට හැකි නිරූපන ශිල්පියා ” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
මෙම තරගාවලියට ඉදිරිපත් වූ රටවල් 25 අතරින් ” හොදම ජාතික අධ්යක්ෂ ” ලෙස සම්මානයට පාත්ර වී තිබුණේ ශ්රී ලංකා කණ්ඩායමේ ජාතික සංවිධායක නිර්මාල් බණ්ඩාර මහතායි.
මෙම තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් නිරූපන ශිල්පීන් 04 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර , ඔවුන් සියලු දෙනාම සම්මාන දිනා ගැනීමට සමත් වී තිබුණා.
මෙම සම්මානලාභීන් පිරිස 01/15 දින උදෑසන 09.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා 2023 වසරේ ( Miss sri Lanka ) ශ්රී ලංකා රූ රැජිණ මල්කි දිසානායක මෙන්ම මෙම ජයග්රාහී නිරූපන ශිල්පීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා..