fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොකියම මන්දාරම් නුවර ගිය අගමැති

hasiniek
By hasiniek ජනවාරි 15, 2024 14:44

නොකියම  මන්දාරම් නුවර ගිය අගමැති

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2023.01.15) දින මන්දාරම්නුවර ජනතාව පෙර දැනුම්දීමකින් තොරව මුණ ගැසී තිබෙනවා.

ප්‍රදේශයට බලපාන කරුණු, යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එළවළු වර්ග ඇතුළු අස්වැන්න කල් ඉකුත් නොවී, ප්‍රධාන වෙළඳපොළට ගෙනයාමට ආර්ථික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඔවුන් දැඩිව පෙන්වා දී තිබෙනවා.

ලංකාවේ සුන්දරම සුවිශේෂි කඳු ප්‍රදේශය ආරක්ෂා කොට රටට සහ ලොවට දකින්නට සහ විඳින්නට ඔවුන් කටයුතු කරන බැවින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ජන අනන්‍යතාවය, සංස්කෘතිය, සම්ප්‍රදායික තත්ත්වයන් නොවෙනස්ව, විශේෂයෙන් මතින් තොරව සංචාරක ව්‍යාපාරය තම ප්‍රදේශය තුල සංවර්ධනය විය යුතු බව ඔවුන් ප්‍රකාශ කල බව සඳහන්.

hasiniek
By hasiniek ජනවාරි 15, 2024 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්