fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘත්‍රිම බුද්ධිය නිසා රැකියාවලට වෙන්න යන දේ

hasiniek
By hasiniek ජනවාරි 15, 2024 13:59

කෘත්‍රිම බුද්ධිය නිසා රැකියාවලට වෙන්න යන දේ

කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් ලෝකයේ රැකියා 40%කට බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකරන ලද නවතම විශ්ලේෂණයකට අනුවයි මේ බව හෙළිව ඇත්තේ.

මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසන්නේ කෘත්‍රිම බුද්ධිය පුද්ගලයන් එකිනෙකා අතර අසමානතාවයන් තවදුරටත් වැඩි කරනු ඇති බවයි.

එමෙන්ම ලොව දියුණු ආර්ථිකයන්හි 60% ක් පමණ වන රැකියා වලින් වැඩි ප්‍රමාණයකට කෘත්‍රිම බුද්ධිය බලපානු ඇති බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙමගින් දැනට මිනිසුන් විසින් ක්‍රියාත්මක කරන ප්‍රධාන කාර්යයන් කිරීමට කෘත්‍රිම බුද්ධියට හැකියාව ඇති අතර ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමට හේතු වනු ඇති.

ඇතැම් රැකියා තුරන් කිරීමට පවා එය හේතු විය හැකියි.

hasiniek
By hasiniek ජනවාරි 15, 2024 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්