ජනවාරි මාසයේ මේ දක්වා පමණක් ඩෙංගු රෝගීන් 5,428 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 1,122ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.7ක්.
යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,076 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 458 දෙනෙකු වාර්තා වනවා.
පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ.