ශ්‍රී ලංකාව ගොඩනැගීමට නම් නව බදු ප්‍රතිපත්ති ඉවසා ගත යුතු බව උතුරු පළාතේ සංචාරයට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ප්‍රකාශ කළා.
ශ්‍රී ලාංකික ජනතාවට වර්තමානයේදී අපහසුතාවන්ට මුහුණපෑමට සිදුව ඇත්තේ අතීතයේ පැවති අවිධිමත් වූ බදු ප්‍රතිපත්ති හේතුවෙන් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වුණා.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබද කරුණු විමසුවා.
උතුරු පළාතේ ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සදහා ක්‍රියාත්මක කළ යුතු සාධනීය යෝජනා පිළිබදව ද සාකච්ඡා කළා.
අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස උතුරේ ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් සහ සාමාන්‍ය වැසියන් හමුවී සාකච්ඡා පැවැත්වූවා.
උතුරේ ව්‍යාපාරික ප්‍රජාව මෙහිදී ප්‍රකාශ කළේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් උතුරේ නැවත පදිංචි වූ ජනතාවට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.
උතුරේ වැසියන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයින්ට නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් පහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇත්තේ අතීතයේ අවිධිමත් වූ බදු ප්‍රතිපත්ති හේතුවෙන් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පෙන්වා දුන්නේ.
නව බදු ප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටී නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාව ඇති බවයි ඔවුන් කියාසිටියේ.
මේ වනවිටත් ශ්‍රී ලංකාව එවැනි වූ ධනාත්මක රටාවකට ගමන් කරමින් සිටින බැවින් යම් කාලයක් ඊට ගතවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අවධාරණය කළා.