fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බබීගේ ප්‍රධාන ගෝලයෙකු කොටුවෙයි

hasiniek
By hasiniek ජනවාරි 15, 2024 09:14

බබීගේ ප්‍රධාන ගෝලයෙකු කොටුවෙයි

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා නොහොත් බබී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් ,හෙරෝයින් සහ ජීව උණ්ඩ සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුළපන පොලිස් වසමේ එඬේරමුල්ල සෙන් ජූඩ් මාවතෙන් විජයකුමාරතුංග මාවතට හැරෙන හංදිය අසල දී කළ වැටලීමකදීයි ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 357, මිලි ග්‍රෑම් 800 ක්, හෙරොයින් ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 300 ක්, 9X9 mm වර්ගයේ උණ්ඩ 37 ක් හා විද්‍යුත් තරාදි 03 ක් සන්තකයේ තිබී හමුවී තිබෙනවා.

hasiniek
By hasiniek ජනවාරි 15, 2024 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්